දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් කැඳවීමක්

සැකපිට අත්අඩංගුවට ගත් කැබ්රථ රියදුරෙකු අධිකරණයට ඉදිරිපත් නොකර, දින 07ක කාලයක් කාලයක් රඳවා තබාගෙන, නිරුවත් කර, අමානුෂික අන්දමින් පහර දී දෑත්වල අස්ථි බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ අප්‍රේල් මස 01 වැනි දින පෙනී සිටින ලෙස දන්වා කොළඹ – දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට සිතාසි යවන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (21) නියෝග කළා.

දොන් සේසිරි විජේසේකර නමැති එම වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් හමුවේ මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ජනවාරි මස 02 වැනි දින රාත්‍රී කාලයේ දී කුලී රථයෙන් ගමනක් යාමට අවශ්‍ය බවට දූරකථනයකින් අමතා දුන් දැනුම්දීමත් සමග වින්දිත පාර්ශ්වය දෙමටගොඩ නගරයට පැමිණ තිබෙනවා.

ඒ සිය කැබ් රථය ද සමගින්.

එහිදී ගිනිඅවි ද සමගින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු වින්දිත රියදුරුව පැහැරගෙන ගොස් දෙමටගොඩ පොලිසියට රැගෙනවිත් තිබෙනවා.

එහිදී තමන්ගෙන් කාන්තාවක් පිළිබඳ ව විමසමින් පහර දුන් බවයි වාර්තා වන්නේ.

වින්දිතකරුගේ ‘බිරිඳ කෝ’ දැයි අසමින් පොලිසිය විසින් තම සේවාදායකයාට අමානුෂික අන්දමින් පහර දෙමින් ජනවාරි මස 09 වැනි දින වාහනයකින් ඇදවැටුණු සැකකරුවකු යැයි අධිකරණයට ඉදිරිපත් කරමින්, අධිකරණය ද නොමග යවා උසාවියෙන් ඇප ලබාදීමට කටයුතු කරවාගෙන ඇති බවත් වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්නා.

නමුත් සිය සේවාදායකයාට කුමන හේතුවක් මත ඔහු ව අත් අඩංගුවට ගත්තේ දැයි පවසා නැති බවත් නීතිඥවරු අධිකරණයට කරුණු පහදා දී තිබෙනවා.

වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි චන්ද්‍රසිරි විජේසිංහ, ගයාලි අතපත්තු සහ රසික සංජීව යන නීතිඥවරු විසින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන්පසුව ඇප මත මුදාහරින ලද වින්දිත පාර්ශ්වය එදින ම අධිකරණය මගින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ ජනවාරි 18 තෙක් නේවාසික ප්‍රතිකාර ලබාදීම සඳහා යි.

මෙම සිදුවීම් දාමය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් ව දැනුවත් කළේ දැයි ද නීතිඥවරුන්ගෙන් අධිකරණය අද විමසුවා.

එහිදී නීතිඥවරු පවසා ඇත්තේ සිය සේවාදායකයාගේ රියට මත්ද්‍රව්‍ය දමා සිරගත කරන බවට පොලිස් නිලධාරීන් තර්ජනය කර ඇති බැවින් ඉහළ පොලිස් නිලධාරීන්ට මේ ගැන දැනුම් නොදුන් බවයි.

නමුත් වින්දිත රියදුරුගේ සහෝදරිය විසින් ජනවාරි 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ලංකා මානව හිමිකම් සංවිධානය වෙත ද පැමිණිලි කර තිබෙන බවත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඔහුගේ සහෝදරිය සැකකරු හා ඔහු පැදවූ වාහනය අත්අඩංගුවට ගත් බව දැන ඔහුව බැලීමට පොලිසියට ගිය ද දින කිහිපයක් යන තෙක් පොලිසිය ඊට අවසර ලබා දී නැහැ.

එම රියදුරු මීට පෙර එම ප්‍රදේශයට කුලී ගමනක් ගොස් ඇති අතර එහිදී අලුත උපන් බිළිඳෙකුගේ මළසිරුරක් දැක ඒ ගැන සැක සිතී ඒ ගැන විමසමින් සහ කාන්තාවක් ගැන අසමින් පොලිසිය විසින් මෙම පහරදීම සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29