දෙකෝටියකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් වටිනා, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සහ ඔහු සමඟ එම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුවන් මගියා මනිපායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, ඔහු නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු  අද (06) අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි  ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි වූ ව්‍යාජ පතුලක මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 116ක් පැකැට් දෙකකට අසුරා සඟවා ගෙන රැගෙන ඇවිත් තිබුණා.

මොහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්ණ කිරීම්වල දී , මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාම සදහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව නගරයේ සුපිරි වෙළඳසැළක් අසළ රැදී සිටින බවට කරුණු අනාවරණය වීමත් සමඟ ඔවුන් දෙදෙනා ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉන් එක් අයෙකු එම ප්‍රදේශයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන 43 හැවිරිදි අයෙක් .

අනෙක් පුද්ගලයා 36 හැවිරිදි රියැදුරෙන් බවයි අනාවරණය එඉ ඇත්තේ.

මොවුන් තිදෙනා අද (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33