Fly high Get bonus Aviator Phone

දුර්මත පැතිරෙනවා – ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් පැහදිලි කිරීමක්

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, සාක්ෂි මඟින් තහවුරු නොවු සමාජය නොමඟ යවන සුළු කරුණු ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පාදෙණිය,

“දුර්මත පැතිරෙන බව අපට ආරංචියි. විශේෂයෙන්ම ලෝකයේ දැනට මතුවෙලා තියෙන දේ තමයි අවුරුදු 12 -15 වගේ වයස් කාණ්ඩයේ ෆයිසර් දෙවන එන්නත දුන්නට පස්සේ තමයි ඔය ‘මයෝකාඩයිටීස්’ කියන ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. ඒ උනත් කිසිදු දරුවෙක් ඒකෙන් මියගිහින් නෑ. පොඩි කාලයකට ඒ සඳහා රෝහල්ගත කරලා ගෙදර ගියා කියන සාක්ෂිය තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒක නිසා කොහොමටත් 12 – 15 කාණ්ඩයට දෙවන එන්නතක් ලබාදීම ගැන තවමත් තීරණයක් නෑ. පළමුව රෝග තියෙන දරුවන් ට ලබා දී ඊළඟට අවුරුදු 15ට වැඩි දරුවන්ට ලබාදීලා අවුරුදු 12 – 15 කාණ්යට එන්නත් ලබාදීමට තවත් මාසයක් පමණ යයි. ඒ අතරතුර අපට ලැබෙන දත්ත අනුව අපට අවශ්‍ය එන්නත් ගැන තීරණ ගන්න පුළුවන්. ඒ ඇරෙන්න සමාජ වෙබ් අඩවිවල පැතිරෙන මතවාදයන් ගැන තහවුරු කරපු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා එන්නත්කරණයට යොමුවෙන්න කියලා ඉල්ලනවා.”

මේ අතර, වයස අවුරුදු 12 වැඩි දරුවන් සඳහා කොව්ඩ් එන්නත්කරණයට ලක්කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

අවුරුදු 12ට වැඩි අය එන්නත්කරණය කිරීම ගැන තවමත් හරි තීරණයකට එළඹිලා නෑ බටහිර රටවල්. මොකද කොරෝනා හැදෙනවා ට වඩා අවධානමක් තියෙයි කියලා කියනවා මේ එන්නත හරහාත්. ඒ නිසා තවමත් හරි තීන්දුවක් විදෙස් රටවල හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරන් නෑ. අපෙත් ලංකාවේ තාක්ෂණික කමිටුව ඒ සියල්ල පිරික්සලා දරුවන්ගේ ආරක්ෂාවට මුල්තැන දීලා ඒ තීන්දුව ගනී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16
Video thumbnail
උඹලගේ ළඟ වාඩිවෙලා ඉන්න එකා ඇමතිවරයෙක් - ටිල්වින්ගෙන් සැර කතාවක්
07:17
Video thumbnail
කිසිවක් කරගන්න වෙලාවක් නැහැ - දක්ෂිණ අධිවේගී සේවා පියසේදී සිදුවුණු කරදරය
01:23
Video thumbnail
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
01:57
Video thumbnail
දඩ කොල වෙනුවට කඩල කන්න දෙන අමුතු පොලිසිය
02:10
Video thumbnail
දේවතා සාරිය ලක්ෂ 9 ට වෙන්දේසි වෙයි - මිනිස්සු මුහුණට මුහුණ බලාගනියි
02:16
Video thumbnail
කසිප්පු විකුණපු කට්ටියට බඩුම තමයි - පොලිසියත් වටකරගෙන ගම්මු මහ මග යකා නටයි
02:33
Video thumbnail
රේගුවෙන් පන්නපු කන්ටේනර් ගැන ඇහෙන අලුත්ම කතාව
04:55
Video thumbnail
නාමල්ගේ ලම්බෝගීනි ගේන්න කියලා පොහොට්ටුවෙන්ම පැමිණිල්ලක්
10:46

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?