දුර්මත පැතිරෙනවා – ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් පැහදිලි කිරීමක්

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, සාක්ෂි මඟින් තහවුරු නොවු සමාජය නොමඟ යවන සුළු කරුණු ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පාදෙණිය,

“දුර්මත පැතිරෙන බව අපට ආරංචියි. විශේෂයෙන්ම ලෝකයේ දැනට මතුවෙලා තියෙන දේ තමයි අවුරුදු 12 -15 වගේ වයස් කාණ්ඩයේ ෆයිසර් දෙවන එන්නත දුන්නට පස්සේ තමයි ඔය ‘මයෝකාඩයිටීස්’ කියන ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. ඒ උනත් කිසිදු දරුවෙක් ඒකෙන් මියගිහින් නෑ. පොඩි කාලයකට ඒ සඳහා රෝහල්ගත කරලා ගෙදර ගියා කියන සාක්ෂිය තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒක නිසා කොහොමටත් 12 – 15 කාණ්ඩයට දෙවන එන්නතක් ලබාදීම ගැන තවමත් තීරණයක් නෑ. පළමුව රෝග තියෙන දරුවන් ට ලබා දී ඊළඟට අවුරුදු 15ට වැඩි දරුවන්ට ලබාදීලා අවුරුදු 12 – 15 කාණ්යට එන්නත් ලබාදීමට තවත් මාසයක් පමණ යයි. ඒ අතරතුර අපට ලැබෙන දත්ත අනුව අපට අවශ්‍ය එන්නත් ගැන තීරණ ගන්න පුළුවන්. ඒ ඇරෙන්න සමාජ වෙබ් අඩවිවල පැතිරෙන මතවාදයන් ගැන තහවුරු කරපු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා එන්නත්කරණයට යොමුවෙන්න කියලා ඉල්ලනවා.”

මේ අතර, වයස අවුරුදු 12 වැඩි දරුවන් සඳහා කොව්ඩ් එන්නත්කරණයට ලක්කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

අවුරුදු 12ට වැඩි අය එන්නත්කරණය කිරීම ගැන තවමත් හරි තීරණයකට එළඹිලා නෑ බටහිර රටවල්. මොකද කොරෝනා හැදෙනවා ට වඩා අවධානමක් තියෙයි කියලා කියනවා මේ එන්නත හරහාත්. ඒ නිසා තවමත් හරි තීන්දුවක් විදෙස් රටවල හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරන් නෑ. අපෙත් ලංකාවේ තාක්ෂණික කමිටුව ඒ සියල්ල පිරික්සලා දරුවන්ගේ ආරක්ෂාවට මුල්තැන දීලා ඒ තීන්දුව ගනී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38