දුර්මත පැතිරෙනවා – ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් පැහදිලි කිරීමක්

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, සාක්ෂි මඟින් තහවුරු නොවු සමාජය නොමඟ යවන සුළු කරුණු ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පාදෙණිය,

“දුර්මත පැතිරෙන බව අපට ආරංචියි. විශේෂයෙන්ම ලෝකයේ දැනට මතුවෙලා තියෙන දේ තමයි අවුරුදු 12 -15 වගේ වයස් කාණ්ඩයේ ෆයිසර් දෙවන එන්නත දුන්නට පස්සේ තමයි ඔය ‘මයෝකාඩයිටීස්’ කියන ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. ඒ උනත් කිසිදු දරුවෙක් ඒකෙන් මියගිහින් නෑ. පොඩි කාලයකට ඒ සඳහා රෝහල්ගත කරලා ගෙදර ගියා කියන සාක්ෂිය තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒක නිසා කොහොමටත් 12 – 15 කාණ්ඩයට දෙවන එන්නතක් ලබාදීම ගැන තවමත් තීරණයක් නෑ. පළමුව රෝග තියෙන දරුවන් ට ලබා දී ඊළඟට අවුරුදු 15ට වැඩි දරුවන්ට ලබාදීලා අවුරුදු 12 – 15 කාණ්යට එන්නත් ලබාදීමට තවත් මාසයක් පමණ යයි. ඒ අතරතුර අපට ලැබෙන දත්ත අනුව අපට අවශ්‍ය එන්නත් ගැන තීරණ ගන්න පුළුවන්. ඒ ඇරෙන්න සමාජ වෙබ් අඩවිවල පැතිරෙන මතවාදයන් ගැන තහවුරු කරපු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා එන්නත්කරණයට යොමුවෙන්න කියලා ඉල්ලනවා.”

මේ අතර, වයස අවුරුදු 12 වැඩි දරුවන් සඳහා කොව්ඩ් එන්නත්කරණයට ලක්කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

“අවුරුදු 12ට වැඩි අය එන්නත්කරණය කිරීම ගැන තවමත් හරි තීරණයකට එළඹිලා නෑ බටහිර රටවල්. මොකද කොරෝනා හැදෙනවා ට වඩා අවධානමක් තියෙයි කියලා කියනවා මේ එන්නත හරහාත්. ඒ නිසා තවමත් හරි තීන්දුවක් විදෙස් රටවල හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරන් නෑ. අපෙත් ලංකාවේ තාක්ෂණික කමිටුව ඒ සියල්ල පිරික්සලා දරුවන්ගේ ආරක්ෂාවට මුල්තැන දීලා ඒ තීන්දුව ගනී.

  1. සර්, අපෙන් අතසන් ගන්නෙ ඇයි එහෙනම් ? අපෙ දරුවන්ගේ ජිවිත වල වගකීම ඔබතුමා ගන්න එතකොට අපි විදින්නම්?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13