දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රදේශ සඳහාත්, කෑගල්ල දිස්ත්‍රක්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාත් මෙම නිවේදන නිවේදන නිකුත් කර තිබෙනවා.