spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා සුරාසැල් 20 වන පෝය දින වසා තැබීමට තීරණය කරයි

මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර්) දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා.

මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ.

මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

එන්නත් වැඩපිළිවෙළ සහ ආර්ථික හේතුන් මත සුරාසල් විවෘත කර තැබුවත් වැඩි වර්ධනයක් පෙන්නුම් නොකරන බවත්, සාමාන්‍ය දිනක අලෙවි වන ප‍්‍රමාණයට විකිණෙන බව දක්නට තිබෙන බවත් ඒ මහතා පැවසුවා.

මේ අතර ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින (20 දා) පොහොය දින සුරාසල් වසා තැබෙන බවට කටකතාවක් පැතිරේ.

කෙසේ වෙතත්, මෙලෙස දින දෙකක්, එනම් ඔක්තෝම්බර් 19 සහ 20 යන දෙදිනම සුරාසල් වසා දමා ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය හා පදනම් විරහිත බවත්, ලබන ඔක්තෝබර් මස 20 වන දිනට යෙදී ඇති වප් මස පුර පසලොස්වක් පොහොය දිනය නිමිත්තෙන් පමණක් දිවයින පුරා ඇති මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බවටත් සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ඊයේ (ඔක්තෝබර් 12 වනදා) නියෝග කරමින් පළකර තිබු නිවේදනය පහතින්.

සුරා බදු මාධ්‍ය නිවේදනය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?