දිවයින පුරා සුරාසැල් 20 වන පෝය දින වසා තැබීමට තීරණය කරයි

මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර්) දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා.

මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ.

මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

එන්නත් වැඩපිළිවෙළ සහ ආර්ථික හේතුන් මත සුරාසල් විවෘත කර තැබුවත් වැඩි වර්ධනයක් පෙන්නුම් නොකරන බවත්, සාමාන්‍ය දිනක අලෙවි වන ප‍්‍රමාණයට විකිණෙන බව දක්නට තිබෙන බවත් ඒ මහතා පැවසුවා.

මේ අතර ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින (20 දා) පොහොය දින සුරාසල් වසා තැබෙන බවට කටකතාවක් පැතිරේ.

කෙසේ වෙතත්, මෙලෙස දින දෙකක්, එනම් ඔක්තෝම්බර් 19 සහ 20 යන දෙදිනම සුරාසල් වසා දමා ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය හා පදනම් විරහිත බවත්, ලබන ඔක්තෝබර් මස 20 වන දිනට යෙදී ඇති වප් මස පුර පසලොස්වක් පොහොය දිනය නිමිත්තෙන් පමණක් දිවයින පුරා ඇති මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බවටත් සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ඊයේ (ඔක්තෝබර් 12 වනදා) නියෝග කරමින් පළකර තිබු නිවේදනය පහතින්.

සුරා බදු මාධ්‍ය නිවේදනය


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14