දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ලුණුගල, හොප්ටන් ප්‍රදේශයේ දිය වළක දියනෑමට ගිය පාසල් සිසුවෙකු ඊයේ (18) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලුණුගල පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පැරණි කර්මාන්ත ශාලා කොටස, 19 කණුව, හොප්ටන් යන ලිපිනයේ පදිංචිව සිටි විනෝජන් නැමැති 16 හැවිරිදි සිසුවෙකු බවයි.

මෙම සිසුවා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති මෙම දියවලේ දිය නෑමට ගොස් දියට පැනීමේදි මෙම අනතුරට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඉන්පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩට ගෙන හොප්ටන් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මියගොස් තිබෙනවා.

මියගිය සිසුවාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු බදුල්ල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලුණුගල පොලීසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54