දිඹුලාගල වීර භික්ෂුව අපවත් වී අදට 30 වසරයි

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ මාතර – කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ හෙවත් ‘දිඹුලාගල හාමුදුරුවෝ’
කුරිරු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර අද (26) දිනට වසර 30ක් සපිරෙනවා.

රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් අමිල මෙහෙවරක් ඉටු කළ, 1500කට වැඩි පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරමින්, වෙහෙර විහාරස්ථාන, සහ ජනපද බිහිකර ජනතාව පදිංචි කරවා, පිඬු සිඟා වඩිමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලක්වාසී, ලෝකවාසී, ජනතාවට වන්දනාමාන කිරීමට මග පාදා දුන් වීර භික්ෂුවක් ලෙස සැලකෙන ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1995 මැයි 26 වැනිදා දිඹුලාගල මැණිකේ ඇළ ප්‍රදේශයේ ගොවිපළකට වැඩම කරමින් සිටියදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වුණා.

මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේගේ 30 වැනි ගුණ සමරු පිංකම නිමිත්තෙන් අද සවස 03ට මනම්පිටිය – දිඹුලාගල නාහිමි ප්‍රතිමා වහන්සේ අබියස අධිෂ්ඨාන සම්බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට චතුමදුර, සහිත ගිලන්පස පූජාවක්, මෙන් ම අෂ්ට පරිස්කාර පූජාවක් පැවැත්වීමට මාගංතොට ශ්‍රී ධර්මරාජ විහාරාධිපති පූජ්‍ය අත්තනකඩවල ජනතාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දිඹුලාගල නාහිමි ගුණ සමරු පදනම සංවිධානය කටයුතු කර තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මීට අමතරව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී ජුනි මස 09 වැනිදා සිට 15 වෙනිදා දක්වා දිඹුලාගල නාහිමිපාණන් වහන්සේ සිහිපත් කරමින් විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු කර ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වහන්සේ පැවසුවා.

  1. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයේ සත්‍ය සොයනු . එවිට මේ කල ඝාතන බළලුන් හරහා කොස් ඇට බැවු ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදීන් හදුනාගෙන රට ඇෆ්ගනිස්තානය කීරීමේ කුමන්ත්‍රණයෙන් බේරාගත හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00