දැඩි උෂ්ණාධික කාලගුණයත් සමඟ මහජනතාවට දැනුම්දීමක්

මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි උෂ්ණාධික කාලගුණය මිනිස් සිරුරට අහිතකර බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික හිරු රෂ්මියක් පතින වන බවක් දක්නට තිබෙනවා. මෙම තත්ත්වය එළිමහනේ වැඩ කටයුතු කරන අයට දැඩි ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හිරු රෂ්මිය තිබෙන අවස්ථාවල එළිමහනේ වැඩ කරනවා නම් හෝ වෙනත් කටයුත්තක නියැලෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකරන ලෙසයි. එමෙන්ම මේ දිනවල දිවයිනේ බොහෝ පාසල්වල නිවාසාන්තර මළල ක්‍රීඩාඋත්සව පැවැත්වෙන බවක් දකින්න තිබෙනවා. පතිතවන හිරු රෂ්මිය වැඩිහිටියන්ට බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක තිබෙන්නේ නම් එහි බලපෑම පාසල් දරුවන්ට වැඩිවන්නට හැකි බවටයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අප පාසල් බලධාරීන්ගෙන් මෙන්ම දෙම්වපියන්ගෙන් ද විශේෂයෙන් ඉල්ලා සිටින්නේ එළිමහනේ වැඩි වේලාවක් රැදී සිටින යම් කටයුත්තක ඔබ හෝ දරුවන් නිරත වන්නේ නම් පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙසයි. එමෙන්ම ක්‍රීඩා උත්සව පවත්වන්න පෙර ඒ සදහා සුදුසු වටපිටාවක් තිබේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් අපි අධ්‍යාපන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය කාලයේ ඇතැම් ප්‍රදේශවලින් ද මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී තිබුණා. නැවතත් එවන් තත්ත්වයක් ඇති වන්නට පෙර තමයි අපි මේ පූර්ව දැනුවත් කිරීම අධ්‍යාපන බලධාරීන්ට සහ මහජනතාව වෙත නිකුත් කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27