දශක ගණනාවක් පැවති කළු රාජ්‍යයේ ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණදීමට සිදුවුණා – ජනපති

දශක ගණනාවක් පැවති කළු රාජ්‍යයේ ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණදීමට සිදු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

‘අපේ ආණ්ඩුව වසර දෙකයි-රටට සුබයි’ මැයෙන් පවත්වනු ලබන ජනරැළි මාලාවේ සමාරම්භක රැළියට බුලත්සිංහල දී අද (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනතාව විසින් මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන්නේ මෙම කළු රාජ්‍යය වෙනස්කර පිරිසිදු යහපත් ආණ්ඩුකරණයක් බලාපොරොත්තුවෙන් බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

එම කාර්යයේ වැදගත් වැඩ කොටස් ගණනාවක් මෙම වසර දෙක තුළ අවසන් කර ඇති බවයි වැඩිදුරටත් දහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ.

“රට හදන පළමු පියවර මොකක් ද ? මෙන්න මේ කළු රාජ්‍යයත් එක්ක හැප්පෙන එක. දේහයක් ලෙස පැතිරිලා තියන මේ කළු රාජ්‍යය, දශක ගණනාවක් මේක ක්‍රියාත්මක වුණා. අපිට පෙන්නේ නැතුව අභ්‍යන්තරව මේ විනාශය ගලාගෙන යමින් තියෙනවා. අපිට පේනවා පොලිසිය තියෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාල තියෙනවා. ග්‍රාමසේවක මහත්තයා ඉන්නවා. කාර්යාල තියෙනවා අපිට මතුපිටින් පේනවා. හැබැයි මතුපිට එහෙම තිබුණට මොකද වෙලා තියෙන්නේ මතුපිට තියෙන රාජ්‍යයට යටින් කළු රාජ්‍යයක් තියෙනවා.ඒ කළු රාජ්‍යගේ ප්‍රතිවිපාක වලට තමයි අපේ රටේ ජනතාව මුහුණ දුන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46