දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන තැනක්

මත්තේගොඩ , කිරිගම්පමුණුව ප්‍රදේශයේ පිහිටා ඇති දහම් සෙවණ අධ්‍යාපන ආයතනය ආරම්භ වී තිබෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් 20 වනදායි. මෙම පරිශ්‍රයේ දී පාසල් වේලාවෙන් අනතුරුව සියලු විෂයන් ඉගැන්වීම සඳහා පන්ති පැවැත්වෙනවා. විශේෂත්වය වන්නේ ඒ සියලු පන්ති කිසිදු මුදලක් අය නොකර පැවත්වීමයි.
සෑම දෙයක්ම මුදලට විකිණෙන කාලයක දරුවන් කෙරෙහි වූ ආදරයෙන් මේ වැඩසටහන ආරම්භ වී තිබෙන්නේ ආචාර්‍ය සුදුහුම්පල විමලසාර හිමියන්ගේ සංකල්පයකින් හා මූලිකත්වයෙන්. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු විෂයන් සඳහා මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනවා. එපමණක් නොව නැටුම් සංගීත වැනි සෞන්දර්‍ය විෂයන්ද , ජපන්, කොරියන් , දෙමළ වැනි භාෂා පන්ති ද පැවැත්වෙනවා. මේ වනවිට මෙහි ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 500කට ආසන්නයි. දරුවන්ගේ හැකියා හා ආකල්ප දියුණු කිරීම සඳහා වෙනම වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා දහම් සෙවණ පන්සල හා දහම් පාසලේ මැදිහත්වීමද සිදු කෙරෙනවා.
ගුරුවරු 25 දෙනෙකු පමණ සේවයේ යෙදී සිටින අතර නව ඉගැන්වීම් ක්‍රම යොදාගනිමින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීමට ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා. මෙම පන්ති වලට සහභාගීවන දරුවන්ගේ විනය පිළිබඳවද දැඩි අවදානය යොමු කෙරෙන බවයි මෙම අධ්‍යාපන ආයතනයේ පරිපාලන නිලධාරීන් පවසන්නේ.
ඉදිරියේදී මෙම ආයතනය තවත් දියුණු කරමින් ජපානයේ ආධාර මත ජපන් භාෂා පාසලක්ද ඉදිකිරීඅට නියමිත අතර සුදුසුකම් සපුරන තරුණයින්ට ජපානයේ රැකියා අවස්ථා වලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.