දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් අනතුරක

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක වන සූර්යා චිත්‍රපට රූගත කිරීමක් අනතුර සිදු වූ අනතුරකින් තුවාල ලබා තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන කන්ගුවා හි රූගත කිරීම් අතර කැමරාවක් උරහිසට කඩා වැටීමෙන් ඔහු අනතුරට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් අදාළ චිත්‍රපටයේ රූගත කිරීම් ද අත්හිටුවා තිබෙනවා. කෙසේවෙතත් මේවන විට ජනප්‍රිය රංගන ශිල්පියා සුව අතට පත්වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් පසු වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ජනප්‍රිය රංගන ශිල්පියාට සති දෙකක පමණ කාලයක් ඇඳ විවේකයෙන් පසුවිය යුතු බවයි.

දමිළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ නළුවෙකු වන සූර්යා මේ දිනවල සිරුතයි ශිවාගේ අධ්‍යක්ෂණය යටතේ රූගත කෙරෙන ‘කන්ගුවා’ චිත්‍රපටයට රඟපෑමෙන් දායක වනවා. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් චෙන්නායි හි පී.වී.ආර්. ෆිල්ම් සිටි හි සිදුවෙමින් පවතිනවා. එහිදී සුර්යා සටන් ජවනිකාවකට රංගනයේ යෙදී සිටියදී රූගත කිරීම් සඳහා යොදාගත් කැමරාව හදිසියේ කඩා වැටීමෙන් ඔහුගේ උරහිසට තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සූර්යාගේ රසිකයන් කම්පාවට පත්වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් රංගන ශිල්පියාට ඉක්මන් සුවය පතා තිබුණා. මේ අතර ට්විටර් හි සටහනක් තබමින් සූර්යා තම සෞඛ්‍ය තත්වය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

“මගේ ආදරණීය මිතුරන්, සුභ පතන්නන් සහ මගේ ආදරණීය රසික රසිකාවියන්ට මගේ හදවතින්ම ස්තූතියි. මට දැන් හොඳටම සනීපයි. ඔබේ සියලු ආදරයට මම සැමවිටම කෘතඥ වෙනවා,”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40