දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක්?

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යට‌තේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශවී යාමේ තත්ත්වයට මුහුණ පා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සමනලවැවේ සිට උඩවළවේ ජලාශයට දින 10කට සෑහෙන ජලය ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධව පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

තමන් වගා කළ කුඹුරු සඳහා අවශ්‍ය ජලය ලබා දෙන ලෙස ඉල්ලා මේ දිනවල ‌ගොවීන් විසින් උද්ඝෝෂණයක් ද ක්‍රියාත්මක කර තිබීම හේතුවෙනුයි මෙම ජල හිඟයට විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙම සාකච්ඡාව සිදු කරනු ලැබුවේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාවේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කළේ සමනල වැවට හා උඩවළවේ ජලාශයට පසුගිය කාලය තුළ අපේක්ෂිත වර්ෂවෙන් ලැබී ඇත්තේ සියයට 50ක ජල ධාරිතාවක් පමණක් බවයි.

ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි සතියක කාලය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක අලාභයකුත්, විදුලිබල නිෂ්පාදනය අඩාලවීම නිසා රුපියල් බිලියන 1.6ක අලාභයකුත් සිදු විය හැකි බවට මෙහිදී අනාවරණ කෙරුණා.

එමෙන්ම ජලය නොලැබීම හේතුවෙන් කෙසෙල් සහ අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය නිසා සමස්තයක් ලෙස රුපියල් බිලියන 30ක පාඩුවක් සිදු විය හැකි අතරම මෙම වසරේ සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

විදුලි බල මණ්ඩලයේ නිලධාරින් ප්‍රකාශ කරන පරිදි මේ වනවිට සමනල වැව ජලාශයේ ජල ධාරිතාවය MCM 87.9 (Million Cubic Meters) දක්වා පහත බැස තිබෙනවා.

දින දහයක් ජලය ලබා දුනහොත් එම ජල මට්ටම MCM 60 දක්වා පහත බසින අතර දකුණු පළාතට පැය 01 සිට 03 දක්වා වූ විදුලි කප්පාදුවක් කිරීමට ද සිදුවන බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

මේ අතර ඊයේ (29) ගොවීන් විශාල පිරිසක් පැමිණ මෙම ගැටළුව සම්බන්ධව අගුනකොළපැලැස්සේ පිහිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ දී සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා.

එහි දී කරුණු පැහැදිළි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා –

මම මෙම ගැටළුව සම්බන්ධව ජනාධිපතීතුමාත් සමගත් සාකච්ඡා කළා. නමුත් සමනලවැවෙන් ජලය ලබාගත හොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. එම තත්ත්වය තවත් අංශ ගණනාවකට බලපානවා. ඒ වගේම මෙම කුඹුරු අක්කර 50,000 කියන්නේ බිත්තර වී නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කුඹුරුයි. මේවා විනාශ වුවහොත් ලබන මහ කන්නයේ බිත්තර වී නිෂ්පාදනයටත් ගැටළුවක් එනවා.

ඒ විතරක් නොවෙයි. සහල් ආනයනය කරන්නටත් සිදුවේවි. අපි මෙතෙක් කතා කළේ මේ රටේ සහල් අතිරික්තයක් ගැන. නමුත් මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් නියඟය නිසා වගා පාළුවීමේ තත්ත්වයක් වාර්තා වෙනවා.නමුත් දැන් ඉදිරියේ දී සහල් හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ද උද්ගතවී තිබෙනවා. කාලගුණ අංශ කියන්නේ එල් නිනෝ ක්‍රියාකාරිත්වය නිසා මෙම තත්ත්වය සිදුව ඇති බව සමහර විට ඉදිරි මහ කන්නයේ වී වගාවටත් තරමක බලපෑමක් සිදු විය හැකියි.

ඒ වගේම තවත් ප්‍රදේශ ගණනාවකට අවශ්‍ය තරම් ජලය තිබෙනවා. කොහොම වුනත් උඩවළවේ ජලාශයේ දැනට තිබෙන ජලය තවදුරටත් ඇළමාර්ගයක් කපා හෝ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දුන්නා. ඒ සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කර විසදුමක් ලබා දීමට අපේක්ෂා කරනවා. මෙම තත්ත්වය කිසිවෙකුගේ වැරැද්දක් නිසා සිදු වූවක් නොවෙයි. මේ නියඟය නිසා ඇති වුන තත්ත්වයක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?