දකුණු කොරියාව ජයග්‍රහණයකින් පාපන්දු ලෝක කුසලාන ගමන අරඹයි

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ චෙක් ජනරජය සමඟ පැවති තරගය තියුණු තරගයකින් පසුව ජයට ගන්නට දකුණු කොරියාවට අද (12) හැකියාව ලැබුණා.

දකුණු කොරියාව ගෝල 02-01ක් ලෙස මෙම තරගය ජයගත් අතර, තරගයේ 80 වන මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක ඕ හියොන්-ග්යු දකුණු කොරියාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කීරිමට සමත් වුණා.