දකුණු අප්‍රිකානුවන්ට ඉතිහාසගත ජයක් ලබන්න ලකුණු 282ක ඉලක්කයක්

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 207කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අද (13) සමත් වුණා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හිමිව ඇති ඉලක්කය ලකුණු 282ක්.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට මිචෙල් ස්ටාර්ක් පත් වුණේ ලකුණු 58ක් රැස් කරමින්.

ඊට අමතරව ඇලෙක්ස් කේරි ලකුණු 43ක් රැස්කරමින් සිය දායකත්වය ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමට ලබා දුන්නා.

වේග පන්දු යන්නන්ට පාරාදීසයක් වූ ලෝර්ඩ්ස් තණ තීරුවේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම සුනු විසුණු කළ කගීසෝ රබාඩා කඩුලු 04ක් බිඳ දැමුවා.

ඊට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි කඩුලු 03ක් දවාගත්තා.

ජාත්‍යන්තර ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.

මේ අතර දකුණු අප්‍රිකාව මෙම තරගය ජයගතහොත් අයි.සී.සීය විසින් සංවිධානය කරන තරගාවලියක දකුණු අප්‍රිකාව ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙසට ඉතිහාස ගත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10