spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණට ‘සදන් ඔඩිසි’ නමින් නව සංචාරක දුම්රියක්

මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් දකුණු පළාතේ ඇති නව සංචාරක ස්ථාන වෙත රැගෙන යාම සහ ‘සදන් ඔඩිසි’ (Southern Odyssey) නමින් දුම්රියක් සංචාරකයන් ප්‍රවාහනය වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලියගේ ආරාධනයෙන්, මත්තල ගුවන් තොටුපළ වෙත රුසියානු සංචාරකයන් රැගෙන එන රුසියානු සමාගමේ නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල පිහිටි නෙළුව, ලංකාගම, දූවිලි ඇල්ල ආශ්‍රිත කලාපය, අකුරැස්ස, කැටන්විල, දෙදියගල, දෙණියාය ප්‍රදේශ මූලික කරගනිමින් පළමු අදියරේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ‘සදන් ඔඩිසි’ (Southern Odyssey) දුම්රිය මූලික අදියරේ ගාල්ල දක්වාත්, දෙවන අදියරේ බෙලිඅත්ත දක්වාත් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මෙහිදී වැඩිදුරටත් සකච්ඡාවර බඳුන් වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?