දකුණට ‘සදන් ඔඩිසි’ නමින් නව සංචාරක දුම්රියක්

මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් දකුණු පළාතේ ඇති නව සංචාරක ස්ථාන වෙත රැගෙන යාම සහ ‘සදන් ඔඩිසි’ (Southern Odyssey) නමින් දුම්රියක් සංචාරකයන් ප්‍රවාහනය වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලියගේ ආරාධනයෙන්, මත්තල ගුවන් තොටුපළ වෙත රුසියානු සංචාරකයන් රැගෙන එන රුසියානු සමාගමේ නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල පිහිටි නෙළුව, ලංකාගම, දූවිලි ඇල්ල ආශ්‍රිත කලාපය, අකුරැස්ස, කැටන්විල, දෙදියගල, දෙණියාය ප්‍රදේශ මූලික කරගනිමින් පළමු අදියරේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ‘සදන් ඔඩිසි’ (Southern Odyssey) දුම්රිය මූලික අදියරේ ගාල්ල දක්වාත්, දෙවන අදියරේ බෙලිඅත්ත දක්වාත් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මෙහිදී වැඩිදුරටත් සකච්ඡාවර බඳුන් වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27