තෙල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දෙන්න – ඇමති ත්‍රිරෝද රථ සංගම්වලට කියයි

මේ වනවිට අවස්ථා තුනකදී පෙට්‍රල් මිල රුපියල් 100.00කින් අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (18) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, අනුව එහි වාසිය ජනතාව වෙත ලබාදෙන ලෙස ත්‍රිරෝද රථ සංගම්වලට තමන් යෝජනා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (17) දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40.00 කින් අඩු කිරීමට රජය තීරණය කළා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගම් සඳහන් කළේ මෙම මිල අඩුවුවීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදීමේ හැකියාවක් තමන්ට නොහැකි බවයි.

අමතර කොටස්වල මිල ඉහළයාම සහ ඉන්ධන කෝටාව ඉහළ නොදැමීම වැනි කරුණු හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමට හැකියාවක් නොමැති බවටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ත්‍රිරෝද සඳහා අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54