තුම්මුල්ල හංදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ

කොළඹ අහසට නැඟෙන සුඛෝපභෝගීත්වයේ සංකේතය, තුම්මුල්ල හංදියේ හෝම් ලෑන්ඩ්ස් Pentara Residencies නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ.

හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්, සම්භාවනීය ආරාධිතයින්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

එදින, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සභාව අමතමින් මෙලෙස ප්‍රකාශ කළේය.

” හෝම් ලෑන්ඩ්ස් වැනි මහා පරිමාණ ආයෝජන ගෙනෙන පෞද්ගලික අංශයේ ආයතන විශාල ලෙස රැකියා අවස්ථා උත්පාදනය කරනවා මෙන්ම බිලියන ගණනින් සැලකිය යුතු ලෙස බදු ආදායමට දායක වනවා. Pentara Residencies ව්‍යාපෘතියෙන් පමණක් ආසන්නව රුපියල් බිලියන 15ක් පමණ අති විශාල බදු මුදලක් රජයට ලැබීමට නියමිතයි. මෙවැනි දැවැන්ත ව්‍යාපෘති මගින් ලැබෙන විදේශ විනිමය සහ බදු ආදායම, අඩු ආදායම් ලබන කණ්ඩායම් සඳහා නිවාස ලබා දීමට මෙන්ම සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන යන අත්‍යවශ්‍ය මහජන සේවා ලබාදීම සඳහා රජයට රුකුලක් වනවා. ඊට අමතරව Pentara Residencies ව්‍යාපෘතිය රැකියා අවස්ථා නිර්මාණය කරනවා මෙන්ම ආර්ථිකයේ වර්ධනයටද දායක වේවි. Pentara Residencies ව්‍යාපෘතියේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. “

මෙහිදී හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක නලින් හේරත් මහතා මෙලෙස අදහස් දැක්වූවේය.

” Pentara Residencies ව්‍යාපෘතිය කියන්නෙ දේශීය සමාගමක් විසින් කරනු ලබන විශාලතම දේපල ආයෝජනයයි. මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 110ක්. ශ්‍රී ලංකා රුපියල් බිලියන 35 කට ආසන්නයි. මේ දැවැන්ත ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු විදිහට දායක වෙන්නේ ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමෙන් පමණක් නොවෙයි, රුපියල් බිලියන ගණනක් බදු වශයෙන් මේ ව්‍යාපෘතිය මගින් රජයට ලබා දෙනවා.”

අවශ්‍ය සියලුම අනුමැතීන් ලබා සාර්ථකව ඉදිරියට යන Pentara Residencies ව්‍යාපෘතිය නිම වන්නේ 45 කට අධික තරු පන්තියේ අධි සුඛෝපභෝගී පහසුකම් සහිතවයි. ඒ අතරට ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු පහේ Sky Floating Restaurant එක, ශ්‍රී ලංකාවේ ප්‍රථම Cantilevered පිහිනුම් තටාකය, නිවාස සංකීර්ණයේ ද්විත්ව කුළුණු යාකරමින් 30 වන මහලේ තැනෙන Sky Bridge එක විශේෂිතයි. මීට අමතරව Deluxe Apartments, Sky Villas, Penthouses, මෙන්ම Sky Mansions යන අධි සුඛෝපභෝගී නිවාස සංකලනයෙන් යුත් නිවාස ඒකක 362කින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය සමන්විත වේ.

හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies පිළිබඳව දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ විශ්වාසය පිළිබිඹු කරමින් ව්‍යාපෘතිය දියත් කර මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත නිවාස ඒකක වලින් 50%ක් අලෙවි වී තිබෙන අතර ඉන් 60%ක ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ විදේශ වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින් වේ.
මෙවන් විශාල ආර්ථික ප්‍රතිලාභ රැසක් මෙරටට ගෙන එමින් Pentara Residencies නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල ආරම්භය මෙසේ සනිටුහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?