තුම්මුල්ල හංදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ

කොළඹ අහසට නැඟෙන සුඛෝපභෝගීත්වයේ සංකේතය, තුම්මුල්ල හංදියේ හෝම් ලෑන්ඩ්ස් Pentara Residencies නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ.

හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්, සම්භාවනීය ආරාධිතයින්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

එදින, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සභාව අමතමින් මෙලෙස ප්‍රකාශ කළේය.

” හෝම් ලෑන්ඩ්ස් වැනි මහා පරිමාණ ආයෝජන ගෙනෙන පෞද්ගලික අංශයේ ආයතන විශාල ලෙස රැකියා අවස්ථා උත්පාදනය කරනවා මෙන්ම බිලියන ගණනින් සැලකිය යුතු ලෙස බදු ආදායමට දායක වනවා. Pentara Residencies ව්‍යාපෘතියෙන් පමණක් ආසන්නව රුපියල් බිලියන 15ක් පමණ අති විශාල බදු මුදලක් රජයට ලැබීමට නියමිතයි. මෙවැනි දැවැන්ත ව්‍යාපෘති මගින් ලැබෙන විදේශ විනිමය සහ බදු ආදායම, අඩු ආදායම් ලබන කණ්ඩායම් සඳහා නිවාස ලබා දීමට මෙන්ම සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන යන අත්‍යවශ්‍ය මහජන සේවා ලබාදීම සඳහා රජයට රුකුලක් වනවා. ඊට අමතරව Pentara Residencies ව්‍යාපෘතිය රැකියා අවස්ථා නිර්මාණය කරනවා මෙන්ම ආර්ථිකයේ වර්ධනයටද දායක වේවි. Pentara Residencies ව්‍යාපෘතියේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. “

මෙහිදී හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක නලින් හේරත් මහතා මෙලෙස අදහස් දැක්වූවේය.

” Pentara Residencies ව්‍යාපෘතිය කියන්නෙ දේශීය සමාගමක් විසින් කරනු ලබන විශාලතම දේපල ආයෝජනයයි. මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 110ක්. ශ්‍රී ලංකා රුපියල් බිලියන 35 කට ආසන්නයි. මේ දැවැන්ත ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු විදිහට දායක වෙන්නේ ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමෙන් පමණක් නොවෙයි, රුපියල් බිලියන ගණනක් බදු වශයෙන් මේ ව්‍යාපෘතිය මගින් රජයට ලබා දෙනවා.”

අවශ්‍ය සියලුම අනුමැතීන් ලබා සාර්ථකව ඉදිරියට යන Pentara Residencies ව්‍යාපෘතිය නිම වන්නේ 45 කට අධික තරු පන්තියේ අධි සුඛෝපභෝගී පහසුකම් සහිතවයි. ඒ අතරට ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු පහේ Sky Floating Restaurant එක, ශ්‍රී ලංකාවේ ප්‍රථම Cantilevered පිහිනුම් තටාකය, නිවාස සංකීර්ණයේ ද්විත්ව කුළුණු යාකරමින් 30 වන මහලේ තැනෙන Sky Bridge එක විශේෂිතයි. මීට අමතරව Deluxe Apartments, Sky Villas, Penthouses, මෙන්ම Sky Mansions යන අධි සුඛෝපභෝගී නිවාස සංකලනයෙන් යුත් නිවාස ඒකක 362කින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය සමන්විත වේ.

හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies පිළිබඳව දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ විශ්වාසය පිළිබිඹු කරමින් ව්‍යාපෘතිය දියත් කර මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත නිවාස ඒකක වලින් 50%ක් අලෙවි වී තිබෙන අතර ඉන් 60%ක ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ විදේශ වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින් වේ.
මෙවන් විශාල ආර්ථික ප්‍රතිලාභ රැසක් මෙරටට ගෙන එමින් Pentara Residencies නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල ආරම්භය මෙසේ සනිටුහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති සැරවෙයි - ආණ්ඩුවේ අදූරදර්ශී තීරණයට අපි ඔක්කොම විරුද්ධයි..
07:29
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02