තීරණය ලියලම ඕනේ සෞඛ්‍ය වෘත්තීය සමිති දන්වයි

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන තීන්දුව අද ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී සුබවාදී පිළිතුරක් ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ, අතිකාල දීමනා සහ ඇමතුම් දීමනා සම්බන්ධයෙන් වන ප්‍රධාන ඉල්ලීමට නිශ්චිත විසදුමක් ලබා දීමට ඊයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට නොහැකි වූ බවයි.

එහෙත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ පිළිබද සාකච්ඡා කර නිශ්චිත තීරණයක් අද ලබා දෙනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේ.

පසුගිය 7 වැනි දා පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයේ 9 වැනි දිනය අදයි.

අද පෙරවරුවේ දී ඒ පිළිබද අවසන් තීන්දුව ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34