AFC Banner
AFC Banner
Empty Ad

තැපැල්පතිගේ අණ නො තකා සේවකයෝ වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා.

ඒ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවකයින්ගේ නිවාඩු සියල්ල ම අවලංගු කර ඇති පසුබිමකයි.

නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ දී නිවේදනය කළේ.

නමුත් මෙම සියලු නියෝග පසෙකලා තැපැල් සේවකයෝ සිය වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මෙම වර්ජනයට හේතුව වී ඇත්තේ වත්මන් රජය තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට දරන උත්සාහයට එරෙහිවයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය සිදු කරනු ලබනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ‍, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

එය වහාම ආණ්ඩුව හකුළාගත යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර නිවේදනය කළේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවයි.

ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පොරොන්දු වී තිබෙන බවත් වාර්තා වනවා.

WhatsApp Image 2023 11 07 at 18.37.47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා මම පස්ස බලන්නේ...
00:30
Video thumbnail
අශාන් - උෂාන් බලහත්කාරයෙන් පොඩි දරුවාට උදව් කරලා? කස්සප හිමිගෙන් ඇස් උඩ යන අනාවරණයක්
03:46
Video thumbnail
රාජ්‍ය සේවකයගේ පැත්තේ හිටගත්තු සීලරතන හිමි.
01:17
Video thumbnail
පළාත් පාලන ඡන්දෙන් අපි දිනනවා - කිරිඇල්ල සපත කරයි
01:23
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා තමයි - මම පස්ස බලන්නේ...
04:48
Video thumbnail
කඩුවෙල ආසනේ සංවිධායකයෙක් හිරුණිකාට කළ වාචික අකටයුතුකමට කට්ටියට ෆයර් වෙයි
03:27
Video thumbnail
මාලිමාව තාම ඉන්නේ වැඩ ඉගෙනගන්න ගමන් #npp
03:02
Video thumbnail
ඉදිරියේදී අපිට බලය ලබාගන්න පුළුවන් #hirunika_premachandra #shortsvideo #viralvideo
00:36
Video thumbnail
සන්ධානේ නායකයා වෙන්න ඕනි සජිත් ප්‍රේමදාස - හිරුණිකා ඇඬූ කඳුලින් කිව්ව කතාව
27:14
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#න නඩුවේ නිතිපතිගේ ක්‍රියාකලාපය ගැනකිරිඇල්ලගෙන් හෙළිදරව්ව
02:28

?