තැපැල්පතිගේ අණ නො තකා සේවකයෝ වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා.

ඒ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවකයින්ගේ නිවාඩු සියල්ල ම අවලංගු කර ඇති පසුබිමකයි.

නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ දී නිවේදනය කළේ.

නමුත් මෙම සියලු නියෝග පසෙකලා තැපැල් සේවකයෝ සිය වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මෙම වර්ජනයට හේතුව වී ඇත්තේ වත්මන් රජය තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට දරන උත්සාහයට එරෙහිවයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය සිදු කරනු ලබනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ‍, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

එය වහාම ආණ්ඩුව හකුළාගත යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර නිවේදනය කළේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවයි.

ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පොරොන්දු වී තිබෙන බවත් වාර්තා වනවා.

WhatsApp Image 2023 11 07 at 18.37.47


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38