තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට කැසොවරි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ” ද්විත්ව කරමල් කැසොවරි ” ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු (05) දින රාත්‍රී තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක 07/05 දින රාත්‍රී 11.10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.

උස අඩි 05 ක් පමණ වැඩෙන , කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වේ . ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයකි .

මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන් , කළු වදුරන් , රිළව් , වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම යැවීමට සූදානම් කර තිබේ . මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් පැමිණ තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය , සත්ව පාළක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
5
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !