Empty Ad
AFC Banner
AFC Banner

ත්‍රී රෝද රථයක් පැහැරගෙන යාමට පැමිණි තුන් දෙනෙකු සොයා මෙහෙයුමක්

ත්‍රී රෝද රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් ගොස් එහි රියදුරාට පහර දී රථයක් පැහැරගෙන යාමට උත්සහ කළ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් නගරයේ ත්‍රී රෝද රථ ගාලක් වෙත ඊයේ පස්වරු 4ට පමණ පැමිණි පුද්ගලයෙකු තමන්ට වටවල දක්වා යාමට අවශ්‍ය බව පවසා එක් ත්‍රී රෝද රථයක් කුලියට ගෙන ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය හැටන් සිට වටවල දක්වා ගමන් කරමින් තිබෙන අතර කුයිල්වත්ත ප්‍රදේශයේදී පසුපසින් පැමිණි තවත් ත්‍රී රෝද රථයක් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයේ මාර්ගය හරස් කරමින් නතර කර තිබෙනවා.

එහිදී කුලී ත්‍රී රෝද රථයේ පසුපස ගමන් ගත් සැකකරු තමා සමග පොර බැදීම නිසා රථය ප්‍රධාන මාර්ගය අබියස පෙරලී යාමත් සමග රථයේ යතුර ද රැගෙන ඔවුන් පළා ගිය බවයි රියදුරා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

එම සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පළා ගිය ත්‍රී රෝද රථය සහ සැකකරුවන් සොයා හැටන් පොලිසිය ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගී කර ගනිමින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියා සූරියසේන ගැන අපි හිතන්නේ නැති ගොඩක් දේවල් මිතුරෝ හෙළි කරයි
Video thumbnail
කැරොල් ගී කියන්න ගියේ රජයේ මුදල් නෙවෙයි ද?
05:13
Video thumbnail
Breaking News🛑කළු ගඟේ වළං හේදූ කාන්තාවකිඹුලෙකු ඩැහැගෙන යයි
02:15
Video thumbnail
මන්ත්‍රී අර්චුනා කිලිනොච්චිය කමිටු රැස්වීමේ යකා නටයි
09:32
Video thumbnail
ආපදාවකට මුහුණදෙන්නේ මෙහෙමයි - අරුණ ජයසේකරගෙන් විශේෂ ප්‍රකාෂයක්
07:24
Video thumbnail
ආණ්ඩුව ගැන මිනිස්සුන්ට හොඳටම තදවෙයි - අමතන ඇමතිල්ලට රෙදි නෑ
13:10
Video thumbnail
බෙන්තර මුහුදේ විනෝදයට නාන්න ගිහින් අවසන් ගමන් යයි
00:56
Video thumbnail
පොහොට්ටුවේ වෘත්තිය සමිති හදිසියේ රැස්වී ආණ්ඩුවට රතු එළි දල්වයි
27:07
Video thumbnail
හරීන් ආණ්ඩුවට සුබ පතලා - ගුණ වයනවා -දිව දෙකේ මිනිස්සු මේන්
02:44
Video thumbnail
වික්‍රමසිංහ මහත්තයගේ ළමයි ටිකට අනුරගේ අය උප්පැන්න දෙන්න හදනවා
04:20

?