ලොව ප්‍රසිද්ධ මෝටර් රථ සමාගම් දෙකක් හවුල් වීමට සැරසෙයි

ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන හොන්ඩා (Honda) සහ නිසාන් (Nissan) සමාගම එකිනෙක ඒකාබද්ධ වීමට සාකච්ඡා කෙරෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; හයිබ්‍රිඩ් වර්ගයේ ඉහළ හා උසස් ප්‍රමිතීන්ට අනුව සිදු වන වාහන නිෂ්පාදන කටයුතු හේතුවෙන් හොන්ඩා සහ නිසාන් සමාගම්වලට දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන්ගේ විකිණීම් අගයන් ද පහත වැටී ඇති බවත් වාර්තා වනවා.

විද්‍යුත් වාහන නිෂ්පාදනය සහ දෙමුහුන් වාහන වෙළෙඳපොළට පැමිණීමේ ශීඝ්‍රතාව මත ජපන් මෝටර් රථ අලෙවිය ඉහළ ගොස් චීන සමාගම් දැඩි අර්බුදයකට ලක් ව තිබෙනවා.

ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොළේ අපේක්ෂිත දේශීය ඉල්ලුම තෘප්තිමත් කිරීම සඳහා ගොඩනඟන ලද දේශීය කර්මාන්තශාලා තුළ ඔවුන්ට ඕනෑවට වඩා ඉඩ ප්‍රස්තාවක් ඉතිරි කර ඇති බවයි පැවසෙන්නේ.