විරාත් කෝලි කළ අඩත්තේට්ටමට එරෙහි ව ICC සැරවෙයි

බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ සිව්වැනි ටෙස්ට් තරගය අද (26) ආරම්භ වුණා.

මෙම තරගය බොක්සිං ටෙස්ට් තරගයක් ලෙසයි සැලකෙන්නේ.

එබැවින් තරගය මෙල්බර්න් නුවර දී ආරම්භ වුණේ කාසියේ වාසිය ඔස්ට්‍රෙලියාව වෙත හිමිකර දෙමින්.

ඒ අනුව තරගයේ පළමු ව පිතිකරණය තෝරාගත් ඔස්ට්‍රෙලියානු නායක පැට් කමින්ස්ගේ ඇරයුමෙන් සිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන සෑම් කොන්ස්ටස් සහ උස්මන් කවාජා පිටියට පැමිණියා.

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ළාබාලතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මංගල තරගය ඉන්දියාවට එරෙහිව උපන්බිමේ දී ඇරඹි සෑම් අද ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 65ක දී ලකුණු 60ක් රැස් කළා.

ලොව විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සැලකෙන ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්‍රා හට එලව එලවා පහර දුන් මෙම නවක ක්‍රීඩකයා බුම්‍රාගේ පන්දු වාරයක දී දැවැන්ත හයේ පහර 02ක් ද එල්ල කිරීමට සමත් වුණා.

එම හැඩකාර ටෙස්ට් අර්ධ ශතකයට සෑම් හතරේ පහර 06ක් ද එල්ල කළා.

ඔහු දැවී ගියේ ජඩේජාගේ පන්දුවක් හමුවේයි.

කෙසේවෙතත් මෙම නවක ක්‍රීඩකයාට අද සිය මංගල ටෙස්ට් තරගයේ දී ම අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගෙන් නම් එතරම් ප්‍රගතිශීලී අදහස් නම් හිමිවූයේ නැහැ.

තරගය ආරම්භ වී 10 වැනි පන්දු වාරයේ දී තණ තිල්ල හරහා දෙපාර්ශ්වය හුවමාරු වෙමින් සිටියදී කෝලි වේගයෙන් ඇවිද විත් සෑම්ගේ උරහිසෙහි ගැටෙනයුරුයි කැමරාවට හසුව ඇත්තේ.

මේ හේතුවෙන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවීමට යාමේ දී උස්මන් කවජා සහ විනිසුරුවරුන් මැදිහත් ව එය සමථයකට පත් කළා.

කෙසේවෙතත් පරිණත මෙන් ම අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන කෝලිගේ හැසිරීමට නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කිසිදු සමාවක් නම් ලැබී නැහැ.

ඒ හේතුවෙන් විරාට් කෝලිට එරෙහිව තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමටයි ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඔහුගේ විනය වාර්තාවට ද එක් දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

තවමත් වයස අවුරුදු 19ක් වන සෑම් ග්‍රීක සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වන අතර ඔහු උපත ලද දා සිටම ජීවත් ව ඇත්තේ ඔස්ට්‍රෙලියාවේයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලි සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

මේ අතර හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන කෝලි එම ගැටුම නිර්මාණය කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46