පානදුර කළුදෑවල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරුට පහරදී තිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පානදුර පින්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රීරෝද රථ හිමිකරු සිය බිරිඳ සමග පානදුර මූලික රෝහලට ගොස් බිරිඳ රෝහලේ නවතා නැවත පැමිණ ත්‍රිරෝද රථය නිවාස ඉදිරිපිට නවත්වනවාත් සමග සැකකරුවන් රියදුරුට පහර දී තිරෝද රථය පැහැරගෙන ගොස් තිබුණා.
එම සැකකරුවන් පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට පින්වත්ත පොලිසියට හැකිවූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩු ජාවාරමට හා කොල්ල කෑම් වලට සම්බන්ධ පුද්ගලයන් බව අනාවරණය වුණා.
සැකකාර එක් සහෝදරයෙකුගේ සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 5100 ක් ද පොලිසිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













