spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිරෝද රථවලට කොඩි බෙදපු අගමැති දිනේෂ්

වෙසක් උත්සවය නිමිති කොටගෙන ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම අද (22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කොළඹ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙම වැඩසටහන යටතේ බෞද්ධ කොඩි අද දහස් ගණන් සංචාරය කරන වාහනවලට පරිත්‍යාග කරමින් රට පුරා මෙන්ම කොළඹ නගරය බෞද්ධ කොඩියෙන් ඒකාලෝක කරනවා. බෞද්ධ ජනතාවගේ කේන්ද්‍රස්ථානය ලෙස සිරිලක අඛණ්ඩව පවත්වාගෙන යන වෙසක් සැමරුම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මහා සඟරුවන ලබාදුන් නායකත්වයට අද දින යළිත් අපේ රජය වෙනුවෙන් බැඳියාව, ගෞරවය, කෘතවේදීත්වය පමණක් නොව ඒ සඳහා කටයුතු කිරීමට තිබෙන වගකීම ප්‍රකාශ කරනවා.

අපේ වීදි දරුවන්. රණවිරුවන් එක්තැන් කිරීමට කටයුතු කළ ධර්මායතන විහාරස්ථානයට එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකිවන විශේෂ වැඩපිළිවෙළක් හා අවශ්‍ය පහසුකම් රජය විසින් සකසා දී තිබෙනවා. කුඩා දරුවෙක් වුවත් පොඩි වෙසක් කූඩුවක් බුදු තෙමගුල වෙනුවෙන් හදන්නේ කොයිතරම් බොදු බැතියක් හදවතේ තියාගෙනද? ඒ වගේම රට පුරා මුළු ජාතියම අවදිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය රටට හා ලොවට දායාද කිරීමේ උතුම් අවස්ථාවකට අපි පිවිසෙනවා. බුදුරජාණන් වහන්සේ ගෙනගිය මැදුම් පිළිවෙත අද ලොවට දායාද කළ හැකි උතුම්ම දායාදය ලෙස වෙසක් පොහොය දිනයේදී, වෙසක් වැඩසටහන්වලදී සිහිපත් කොට ඒ වෙනුවෙන් කැපවෙමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?