ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් අරඹයි

ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා.

සභාපතිවරයා පැවසුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුදව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස ගණනාවක් අඩාළ වී පැවති බවයි.

ඒ, හේතුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීමට නොහැකි වූ අතර ඉලක්කගත ප්‍රතිලාභි කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ ලබාදීම අක්‍රමවත්ව පැවති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීම සඳහාපසුගියදා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමඟ ත්‍රිපෝෂ සමාගම එකඟතා ගිවිසුමකට එළඹ තිබුණා.

ඉන් අනතුරුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු සැපයුම යථාවත් වූ අතර, ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.

පැය 24 පුරාම ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන බවයි සභාපති අමල් අත්තනායක වැඩිදුරටත් පැවසුවේ.

මෙම මාසය අවසන් වන විට ත්‍රිපෝෂ නොලැබුණු සැමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ත්‍රිපෝෂ ලබාගැනීමට හැකි වන පරිදි බෙදාහැරීම් දිවයින පුරා සිදුකරන බවත්, එමෙන්ම වසරේ ඉදිරි මාස කිහිපයටත් අවශ්‍ය සැපයුම අඛණ්ඩව සිදුකළ හැකි බවත් සභාපතිවරයා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59