spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තහනම නොතකා සිවාජිලිංගම් මුල්ලිවයික්කාල්හි පහන් දල්වයි

කොරෝනා අවධානම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද සැමරුම් සිදු නොකරන ලෙසට දැනුම්දී තිබියදී එය නොසලකා හරිමින් දෙමළ ජාතික සන්ධානයේ  හිටපු පලාත් සභා මනන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ඊයේ (17) සවස මුල්ලිවයික්කාල්හි පහන් දල්වා මිය ගිය අය සිහිපත් කොට ඇත.

මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සිවාජිලිංගම් ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙලෙස යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කරමින් පහන්දැල්වීම සිදු කල අතර මීට පෙර දිනයකදී යුද සැමරුම් ස්මාරකයේ කඩාදැමූනු කැබලි යලි තාවකාලිකව සවිකිරීමටද සිවාජිලංගම් හිටපු මන්ත්‍රීවරයා පියවර ගනු ලැබීය.

එහිදී පහන් දැල්වීමෙන් පසුව සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ, තමන් නිරෝධායන නීතියට අනුව යුද්දයෙන් මිය ගිය ජනතාවගේ ජනසංහාර සතිය සිහිපත් කල අතරම ලක්ෂයකට අධික යුද්දයෙන් මිය ගිය ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් වහාම සිදුකල යුතු බවට මෙම පහන් දල්වන අවස්ථාවේදී මෙරට රජයට මෙන්ම ජාත්‍යන්තරයට දැනුම් දෙන බවටද පවසා සිටියේය.

මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ මුල්ලිවයික්කල් සැමරුම් සිදුකිරීමට සූදානමින් සිටි පුද්ගලයින් 32 දෙනෙකුට එරෙහිව අධිකරණ තහනම් නියෝගයන්ද මුලතිව්හි පොලිස් ස්ථාන විසින් ලබා ගෙන ඇති අතර අදාල තහනම් නියෝගයන් කඩ කරනපුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?