තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙක් නාවික හමුදාව මුදාගැනේ

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙක් නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත් වුණා.

මෙලෙස මුදාගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ අතරමංව සිටි වයස අවුරුදු දහහතක අයෙක්.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින්, සිදුකළ මෙම මුර සංචාරයේදී එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු එම නිලධාරින්ට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ, අනුව ඔහුව බේරාගෙන නාවික හමුදාව විසින් ඔහු තම්මැන්නා ආයතනය වෙත රැගෙනවිත්, අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරුණා.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා නාවික හමුදාව විසින් මෙම පුද්ගලයා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34