තලවිල දේවස්ථාන භුමියේ සැක කටයුතු ලෙස සැරි සැරූ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

තලවිල දේවස්ථාන භුමියෙ බැතිමතුන් අතර සැක කටයුතු ලෙස සැරිසැරු මන්නාරම සිලාවතුර ප්‍රාදේශයේ සැකකරුන් පස් දෙනෙකු කල්පිටිය පොලිසිය විසින් 01 දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙ පදිංචි අවුරුදු 22,23,හා 24 වයස් සිමා වල පසුවන තරුණයින් පිරිසක් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තලවිල දේවස්ථානයෙ අගෝස්තු මංගල්‍යට පැමින සිටින මේ වන විට දේවස්ථාන භුමියෙ කුඩාරම් ගසාගෙන රැදි සිටින විසි දහසකට ආසන්න පිරිස අතර සැකකටයුතු ආකාරයෙන් සැරිසරමින් සිටියදි අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගැනුන සැකකරුන් පස් දෙනාම මුස්ලිම් ජාතිකයින් වන අතර මොවුන් කුමන හේතුවක් මත දේවස්ථාන භුමියට පැමිනියා ද යන්න ප්‍රශ්ණ කරමින් ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනුන සැකකරුවන් ප්‍රශ්ණ කිරීමේන් පසු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted