තරුණියන් දෙපළකට මත්පැන් පොවා අකටයුතුකම් කළ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

තරුණියන් දෙදෙනෙකුට මත්පැන් පානය කිරීමට දී ලිංගික අතවර කර; ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තලංගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වෙනවා.

නිවිතිගල, උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියකට සහ එම තරුණියගේ සහෝදරයා විවාහ වීමට සිටි තරුණියට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මත නිවිතිගල පොලිසිය විමර්ශන ආරම්භ කෙරුණා.

මෙම සිදුවීමට අදාළ ව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?