තම සංස්කෘතික අනන්‍යතාව යටතේ ජීවත්වීම කිසිසේත් බිය ගෙන දෙන්නක් නොවිය යුතුයි – ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමග හමුවකට අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබු බව සඳහන් කළ ජනාධිපතිවරයා වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ විධානයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බවද පෙන්වා දුන්නා.

රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයෝ ඒ වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහන සහ දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් වුණා.

පසුගිය වසර දෙක ජාතිවාදී ගැටුම් නොමැති වසර දෙකක් බවට පත් කිරීම වෙනුවෙන් රජයට සිය ප්‍රසාදය පළ කළ එම නියෝජිතයෝ එහෙත්, තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවද පෙන්වා දුන්නා.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට, ජනතාවට ඇති පූර්ණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බවත්, එසේ වුවද, ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී එම නියෝජිතයෝ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර පාස්කු ප්‍රහාරයට අදාළ වින්දිතයින්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව තොරතුරු හෙළිදරව් විය යුතුය යන්න තමන්ගේ අපේක්ෂාව බවත්, එම කටයුතු වෙනුවෙන් සිය සහාය පළ කරන බවත් සඳහන් කළා.

ඉස්ලාම් ආගමික ග්‍රන්ථ සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු කිහිපයක් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණු අතර ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් යුතුව එම ගැටලු විසඳා ගැනීම පිළිබඳවත්, යම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් එම ග්‍රන්ථ පරිශීලනය අවස්ථාව සැලසීම පිළිබඳවත් සාකච්ඡා වුණා.

ව්‍යවස්ථාදායක සභාව වැනි ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ නිසි නියෝජනයක් පැවතීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළව රජයේ මැදිහත්වීම පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අවස්ථාවකම සියලු ප්‍රජාවන් වෙනුවෙන් නිසි නියෝජනයක් ලබාදීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කළා.

මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, නිල ඇඳුම් ගැටලුව වැනි තාක්ෂණික හෝ පරිපාලනමය කරුණු මුල් කරගනිමින් සමාජය තුළ ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවන් යළි හිස එසවීමේ තත්ත්වයන් නිසි ලෙස අවබෝධ කර ගනිමින් එම ගැටලු විසඳා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසුවා.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධන ලේකම් අෂ් ෂෙයික් අක්‍රම් නූරාමිත්, වැඩබලන සභාපති අෂ් ෂෙයික් එම්.ජේ. අබ්දුල් හාලික්, භාණ්ඩාගාරික අෂ් ෂෙයික් එම්.කේ. අබ්දුර් රහ්මාන්, උප සභාපතිවරුන් වන අෂ් ෂෙයික් එච්. ඕමාර්දීන්, අෂ් ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් යන මව්ලවිවරු ඇතුළු නියෝජිතයෝ සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48