තම පියාට අයිස් පුරුදු කළ පුද්ගලයා මරා පුතා හිරේ යයි

මතට ඇබ්බැහි වීම, අයහපත් මිතුරු ඇසුර, ජීවිතයට බොහෝ විට රැගෙන ඉන්නේ අවදානමකි. අතේ ඇති මුදලට තට්ටුවීම, ශරීර සෞඛ්‍ය පිරිහීම මෙහි අතුරුඵලයය. නිරපරාදේ හිරගෙවල්, උසාවි ගානේ ජීවිතය ගත කිරීමට සිදුවීම ද තවත් හේතු කාරණාය. අභාග සමිපන්න දෛවයට උරුමකම් කියන බොහෝ මිනිසුන් අයහපත් මිතුරු ඇසුරට පත් වන්නේ තමන් ගෙනා පව්පින් නිසා විය හැකිය. 

නරක මිතුරු ඇසුරට යොමු වූ කල ඉන් මිදීමට ලෙහෙසි පහසු නැත. එහි ආදීනව කෙතරම් තේරුම් කරදුන්නත් පාපකාරී ලෝකයටඇදීයැමව ලක්වාලිය නොහැකිය. අවසානයේ එවැනි පුද්ගලයන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම ඒකාන්තය..

ඒ දවස ගංජා භාවිතයට හුරු වූ පුද්ගලයන් අද හෂීස්, හෙරොයින්,මරුජුවානා, කේරල ගංජා, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූයේ පිටරටි එන හොඳ හෝ නරකදේ වැළඳ ගැනීමේ මානසික මට්ටම නිසාය. තමා භාවිත කරනදේ පිළිබඳ කිසිදු සොයාබැලීමක් නොකර එහි ඇති අධි උත්තේජනය,නැතිනම් තේරෙන භාෂාවෙන් කිවහොත් මාර ආතල් එක හේත්තුවෙන් අදවනවිට තරුණයන් පමණක් නොව බොහෝ වැඩිහිටියන්ද ඒවා වැළඳගෙන හමාරය, වැඩිහිටියන්ගේ මේ ඇබිබැහිවීමෙන් පීඩාවට පත්වන්නේ පවුලේ දරුවන්, බිරින්දෑවරුන්ය. මෙවැනි ඇබ්බැහිවීම් වලින් තම පියා,ස්වාමි පුරුෂයා ගලවා ගැනීමට නොහැකි වූකල්හි සිතේ ඇතිවන ඔවුන් ඇසුරු කරන්න පිළිබඳ දැඩි වෛරයකි, කෝපයකි.

ඔවුන් කෙරෙහි ඇතිවන කෝපය.රණ්ඩු සරුවල් වලි අවසන් නොවී ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන්නේනම් කාතරම් ඛේදජනකද? ඉන් පීඩාවට,අගතියට පත්වන්නේ, හිරේ විලංගුවේ වැටෙන්නේ තම දුදරුවන් නොවේදැයි හැගීමත්ව ඇතිවන්නේ නැති තරමටම මත්ද්‍රව්‍යවලට ගිජුකමක් දැක්වීම අභාග්‍යයකි. පුත්තලම නගරය ආසන්නයේ පදිංචි.

වයස අවුරුදු විසිඑක වූ ෆාතික් මොහොමඩ් ෆාතිත් නැමැති තරුණයාට හිරකූඩුවේ ලගින්න සිදුවූයේ තම පියා අයිස් නැමති මන්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහිවීම හේතු කොට ගෙනය, පියා සමග අයිස් භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටි සමීපතයකු, මොහොමඩ් ෆාතික් විසින් සාතනය කිරීම මීට හේතූවිය, මෙසේ ඝාතනයට ලක්වූයේ පුත්තලම,කොළඹ මාර්ගයේ පදිංචිව සිටි මොහොමඩ් තාසික් මොහොමඩ් ෆව්දිජීන් නැමති 48 හැවිරිදි අයෙකි. මොහාමඩ් ෆව්දිජීන් මතල්ගුණ්ඩුව ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන ගියේය. ඔහු අයිස්වලට තදින්ම ඇබ්බහි වූ අයෙකී. ෆාතික් මොහොමඩ්ගේ පියා වන ෆායිස් මොහොමඩ්, බේකරියක් පවත්වාගෙන යන්නේය. ඔහු බේකරි කර්මාන්තයට පාවිච්චි කරන වාහන.අලුත්වැඩියාකරන්නේ මොහොමඩ් ෆව්දිජීන්ගේ ගරාජයේය.

දෙදෙනාගේ මෙම දැන හැඳින ගැනීමෙන් අනතුරුව ගජමිතුරන් බවට පත්වීමට වැඩිකල් ගතනොවීය.

මොහොමඩ් ෆව්දිජීන් සිය වැඩ අහවර වී හැන්දෑ වරුව ගතකිරීමට ෆායිස් මොහොමඩ්ට පැමිණෙන ලෙස ආරාධනා කරන්නේ තනිකම පැලුව මකාගැනීමටය. මෙම කල් මැරිල්ලට මත් වතුර එකතුකරගන්නේ දෙදෙනාගේම කැමැත්තට අනුවය. කාලයක් ගිය පසු ඔවුන් දෙදෙනා අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන්නේ දිනක් ඔවුනගේ යහලුවකුගෙන් ලැබුණ අයිස් ස්වල්පයක් ගැනීමත්පසු ඇති වූ වෙනසේ මහිමය නිසාය.ඉන්පසු ඔවුන් දෙදෙනා ඉඩ ලැබූ සැම අවස්ථානකදීම අයිස් පාවිච්චි කිරීමට වගබලා ගත්තේය. ටික කාලයක් ගතවෙද්දි හොරරහස් සිදු කළ මෙම කටයුත්ත ෆායිස් මොහොමඩ්ගේ නිවෙසට ආරංචි විය, බිරිය වැඩිමහල් පුතා සහ සෙසු දරුවන් දෙදෙනා මොහු මම තත්වයෙන් මුදාගැනීමට විවිධ උපක්‍රම යෙදුවත් ඒ කිසිවක් හරිගියේ නැත. ඒ ෆායිස් මොහොමඩ් ඊට ඇබ්බැහි වී සිටි නිසාය. මේ හේතුවෙන් නිවෙසේ සමගිය පැලදොරීන් පලාගියේය.

ව්‍යාපාරික කටයුතු අඩාලවිය. පියාගේ නොමනා හැසිරීම් රටාවට තදීත්ම විරුද්ධ වූයේ පුත් ෆාතික් මොහොමඩ්ය. මේ හේතුවෙන් පිය.පුතු අතර නිරන්තර බහින් බස්වීම් ඇතිවිය. අවසානයේ ෆායිඩ් මොහොමඩ්ගේ පුතා දැඩිලෙස වෛරය බැන්දේ තම පියා මේ තත්වයට පත්කළ බව සිතා සිටින මොහොමඩ් ෆවුදිජීන් කෙරෙහිය.

සිය පියා ගෙන්වා ගැනීමට කටයුතු වලට නොකරණ ලෙසට ඔහුටද බලකර සිටියත් ඉන් පලක් නොවීය. ඊට අවනත නොවීම නිසා ෆාතික් ෆවිදිජීන් කෙරෙහි ඇති වෛරය එන්න එන්නම වැඩිවිය. මේ අතරතුර ඉකුත් 13වැනිදා රාත්‍රියේ ෆාතික්ට දුරකථන ඇමතුමක් ලබාදී අවිවාහක ෆව්දිජින් කියා සිටියේ තම ගරාජයේ ගාල්කර තිබෙන මෝටරථයේ ඉදිරිපස වීදුරුව බිඳ දමා ඇති බවත් එය සිදුකළේ ෆැතික් බවත්ය. පසුව ෆාතික් ෆව්දිජීන් හමුවීමට ගියේ මනල්ගුංඩුව රේල්පාර අසලටය.ප්‍රශ්නය විසඳීමට ඔහු පිහියක් සහවාගෙන යැමට කටයුතු කළේය. එහිදී දෙදෙනා අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ෆව්දිජීන්, පරුෂ වචනයෙන් බැනවැදුනේය. ෆාතික් තම පියාට සිදුකළ දේගැන තිබූ තරහ පිටකිරීමට සගවාගෙන සිටි පිහිය අතට ගත්තේය.

ඇතිවූ ආවේගය පාලනය කළ නොහැකිව පිහිපාරවල් කිහිපයක් ෆව්දජීන්ට එල්ලකළ අතර ඔහු ලේ විල මැදවැතිරුණි. ඒසමගම අවට සිටි පිරිස් ඔහුව පුත්තලම මූලික රෝහලට රුගෙන යැමට කටයුතු කළත් ඒවන විටවත් ඔහු සිය අවසන් හුස්ම පොද වාතලයට මුසුකරහමාරය. අනතුරුව රෝහල්පොලිසිය, පුත්තලම මූලස්ථාන පොලිසියට සිද්ධිය දැක්වීමට කටයුතු කළේය. පසුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හේරෙත් මහතා ඇතුලු පොලිස් නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදුකළ “ය. මෙහිදී සිද්ධියට සම්බන්ධ සාකකරු අත් අඩංගුවට ගැනීමට හැකිවිය. අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුවෙත්තෙම රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.කුමාරදාසගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක උඩුකුඹුර,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක හේරත්, සැරයන්වරුන් වන(36740) අබේසිංහ,(10219) කරුණාරත්න,විමර්ශන කටයුතු සිදු කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01