spot_imgspot_img

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 1ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (01) පස්වරු 1 දක්වා වලංගු වන ආකාරයෙන්.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්වල තද වැසි ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි.

දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දිනයේදී බලාපොරොත්තු වනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?