ඩොලරය අඩුවීමත් සමඟ වාහන මිලේ වෙනසක් වෙයි ද ?

ඩොලරයේ අගය පහළ ගිය ද වාහන මිල ගණන්වල අඩුවීමක් සිදුනොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදුනහොත් වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සඳහන් කළේ.

මේ අතර, පාවිච්චි කළ ඇතැම් වාහනවල අලෙවිය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
5
හරි හිනා !
38
හම්මෝ !
2
මාර දුකයි !
11
මලපනිනව !
16
කුජීතයි !
6
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?