ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 15ක වන්දික්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 15ක වන්දි මුදලක් ගෙවන ලෙස ABC ප්‍රවෘත්ති සේවයට එරට අධිකරණයක් විසින් ඊයේ (14) නියම කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කළ අපහාස නඩුවක දෙපාශ්වය අතර සමථයක කොටසක් ලෙස මෙම වන්දි මුදල ලබාදෙන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

පසුගිය මාර්තු මාසයේ ABC ප්‍රවෘත්ති සේවයේ විකාශය වූ එක්සත් ජනපද නියෝජිත නැන්සි මේස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඩොනල්ඩ් ට්‍රම්ප් “ස්ත්‍රී දූෂණයට වගකිව යුතු” බවට නිවේදක ජෝර්ජ් ස්ටෙෆනොපොලොස් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අපහාසාත්මක ප්‍රකාශය සිදුකිරීම සහ එය විකාශය කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ අපහාස නඩුව ජෝර්ජ් ස්ටෙෆනොපොලොස්ට සහ ABC ප්‍රවෘත්ති සේවයට එරෙහිව පවරා තිබුණා.

ඩොලර් මිලියන 15ක වන්දි මුදලට අමතරව, නැන්සි මේස් සමඟ ස්ටෙෆනොපොලෝස් පැවැත්වූ අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් කණගාටුව පළකරන ප්‍රකාශ නිකුත් කිරීමට ABC ප්‍රවෘත්ති සහ ස්ටෙෆනොපොලස් අධිකරණයේ දී එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඩොලර් මිලියන 15ක වන්දි මුදල ට්‍රම්ප් වෙනුවෙන් “ජනාධිපති පදනමක් සහ කෞතුකාගාරයක්” සඳහා කැප වූ අරමුදලකට පරිත්‍යාගය කිරීමට කටයුතු කරන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

මේ අතර විකාශකයාට ඇටෝනි ගාස්තු වශයෙන් ඩොලර් මිලියනයක් ගෙවවීමට ද සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51