ඩිජිටල් තරාදි මඟින් තේ දළු කිරීමෙන් වතු කම්කරුවන් රැසක් අසීරුතාවයට (ඡායාරූප)

ඩිජිටල් තරාදි මඟින් අමු තේ දළු කිරණ විට දී වතු කම්කරුවන්ට වංචාවක් සිදු වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් පවසනවා.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් වතු කිහිපයක, ඩිජිටල් තරාදි උපයෝගි කර ගෙන එම වතුවල කම්කරුවන් විසින් කඩනු ලබන අමු තේ දළු කිරීමේ දී විවිධ වංචාවන් සිදු කරන බවට එම වතු කම්කරුවන් චෝදනා නගා තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරුම් මිනුම් අංශයේ නිලධාරීන් සමඟ ගොස් පරික්ෂා කළ බවත්, එම පරික්ෂණ වල දී වතු කම්කරුවන් විසින් කඩනු ලබන අමු තේ දළු කිරණ විට, අමු තේ දළු කිලෝ 3 කට අධික ප්‍රමාණයක් අඩුවෙන් කිරීම් සිදු කරන බවට අනාවරණය වි තිබෙනවා.

මෙම වතු කම්කරුවන් කඩනු ලබන අමු තේ දළු දිනකට තුන් වරක් කිරණ බවත් ඒ අනුව දිනකට වතු කම්කරුවන් දුකසේ කඩනු ලබන අමු තේ දළු කිලෝ 10ක් පමණ ප්‍රමාණයක් වංචා කරන බවත් වාර්තා වෙනවා.

උද්ගත වී ඇති තත්ත්වය මත මසකට රුපියල් කෝටි 5ක් පමණ වටිනාකමින් යුත් අමු තේ දළු ප්‍රමාණයක් මෙලෙස වතු කම්කරුවන්ට අහිමි වන බව ඔවුන් පවසනවා.

දිනකට තේ දළු කිලෝ 18ත් 20ත් ප්‍රමාණයක් කඩන ලෙස වතු සමාගම් වතු කම්කරුවන්ට පවසා තිබිය දී මෙසේ ඩිජිටල් තරාදි උපයෝගී කර ගෙන සිදු කරනු ලබන අමු තේ දළු වංචාවෙන් ඇතැම් කම්කරුවන්ට දිනක වැටුප අහිමි වන බවත් නිසි වැටුපක් ලබා ගැනීමට නොහැකි වීමෙන් එම වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවයි කනපති කනගරාජ් පැවසුවේ.

කිරුම් මිනුම් අංශයේ නිලධාරින් ඩිජිටල් තරාදි පරික්ෂාවට ලක් කිරිමේ දී තරාදිවලින් තේ දළු අඩුවෙන් කිරණ බවට තහවුරු විමෙන් පසු එම ඩිජිටල් තරාදි මුද්‍ර තබා රැගෙන ගොස් තිබෙනවා.

මෙම වතු මසකට වතු කම්කරුවන් කඩනු ලබන රුපියල් කෝටි 5 ක පමණ වටිනා අමු තේ දළු වංචා කිරිම් පිළිබඳව පරික්ෂණ පවත්වන ලෙස හැටන් වීශේෂ අපරාධ විමර්ශණ අංශය වෙත ඊයේ ( 08) දින පැමිණිලි කල බවද කනපති කනගරාජ් වැඩි දුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?