ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා මාර්තු මස 2 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන 24 වන තෙක් අධිකරණය විසින් ඩයනා ගමගේ අමාත්‍යවරියට කල් ලබාදුන්නා.

ඉන් අනතුරුව ඊට අදාළ ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා ලබන 28 වනදා තෙක් පෙත්සම්කාර පාර්ශවයට කල් හිමි වුණා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවත් ඇය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තුළින් පෙර ජනතාවට විශාල අගතියක් සිදු වන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

වගඋත්තරකාර ඩයනා ගමගේ අමාත්‍යවරිය 2014 වසරේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව අනාවරණය වී ඇතැයි ආගමන විගමන පාලකවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඇය මෙරට ද්විත්ව පුරවැසිභාවය අයදුම් කළේ දැයි කරුණු අනාවරණය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස දෙවනදා පැවැත්වීමටයි අධිකරණය දින නියම කළේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියන් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25