spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩඩ්ලිගේ පොටෝ එකත් ගහගෙන බඩු මිල අඩුකරන්න ඩෝසර් සුදූ උපවාසයක

පිටිගල අමුගොඩ  ප්‍රදේශවාසියෙකු වන කේ. පී සරත් මහතා බඩු මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා අද ( 27දා) අමුගොඩ අමරගම ක්‍රීඩාංගණයේදී අඛණඩ උපවාසයක් ආරම්භ කළේය.

සහල් මිල අඩු කිරීම  සම්බන්ධයෙන් ජනපති , අගමැතිට පවසා වැඩක් නැති බව පවසන ඔහු ඩඩ්ලි සිරිසේන මහතාට මේ ගැන අවධානය යොමු කරවාලීමද සිය උපවාසයේ තවත් අරමුණක්ද කියයි.

අමරගම ක්‍රීඩාංගනයේ අට්ටාලයක් ගසා සරත් මහතා මේ අඛණ්ඩ උපවාසය ආරම්භ කර ඇති අතර තමාට සහාය පළ කිරීමට තවත් අය එක්වීමට නියමිත බවද කියයි.

රජය බඩු මිල අඩු කරන තෙක් හා ඩඩ්ලි සිරිසේන මහතා මැදිහත්වී සහල් මිල අඩු කරනතෙක් තමන් මේ උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවද සරත් මහතා කියයි. මේ ඔහු අඛණ්ඩ උපවාසයේ යෙදී සිටින අයුරුයි.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?