ටෙනිස් පිටියේ කිරුළු දැරූ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට ආයුබෝවන් කියයි (ඡායාරූප)

කලක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට පත්ව සිටි ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් අද ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගත්තා.

ඔහු සහභාගී වූ අවසන් තරගය අද පැවති අතර, එහිදී ටෙනිස් පිටියේ කලක් ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියාව සිටි ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමඟ යුගළ තරගයකට සහභාගී වුණා.

මෙම තරගය ඇමරිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු හමුවේ රොජර් ෆෙඩරර් සහ නඩාල්ට පරාජය වන්නට සිදුවීම විශේෂත්වයක්.

මේ අතර ෆෙඩරර් තම අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන අයුරු දැකබලා ගැනීමට ටෙනිස් පිටියේ විශිෂ්ඨයින් රැසක් ලන්ඩනයට එක්ව සිටියා.

සිය ප්‍රබලතම ප්‍රතිවාදියා ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමේ දුකට රෆායල් නඩාල් තරගයෙන් අනතුරුව කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍යවල සටහන්ව තිබුණා.

අවස්ථා විස්සක දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයට හිමිකම් කියා ඇති රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් විශ්‍රාම ගන්නා විට 41 හැවිරිදි වියේ පසු වුණා.

fedal doubles laver cup
fedalgetty
16639790896695
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?