ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජන මැද ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි ඉහළට

අමෙරිකාව සහ ඉරානය අතර යළි යුද ගැටුම් ආරම්භ විමාත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (09) පෙරවරුවේ ලෝක වෙළඳපොලේ WTI බොරතෙල් බැරලයක මිලෙහි, සියයට 1.03ක වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.01ක වැඩිවීමක් වාර්තා වී ඇති අතර එහි මිල දැක්වුණේ ඩොලර් 78.81ක් ලෙසයි.

එමෙන්ම අමෙරිකාව විසින් අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රහාර එල්ල කර ඇති අතර ට්‍රම්ප් ඊයේ (08) දිනයේ දී ද සඳහන් කර තිබුණේ අමෙරිකාව තවදුරටත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්