ජොනී ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ නඩුවක් මාර්තු 24 තෙක් කල් යයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි කර තිබෙන නඩුව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

ඒ නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ පැවැත්වුණා.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර නඩු විභාගය මාර්තු මස 24 වැනිදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළා.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිය වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04