ජොගින් ට්‍රැක් එකක් හදන්න රත්නපුරේ ගස් 103ක් බිල්ලට

මේ දිනවල රත්නපුර නව නගර මාර්ගයේ ගමන් ගන්නා ඔබට මාර්ග අයිනේ ඇති ගස් සියල්ලේම (103ක) අංක යොදා ඇති බව දක්නට ලැබේ. ඒ පිළිබදව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඇවිදින මංතීරුවක් සකස් කිරීම සදහා කපා ඉවත් කිරීම සදහා එම අංක යොදා ඇති බවයි. ජපන් ජාතිකයන් විසින් 1988දී පමණ මෙම මාර්ගය ඉදිකිරීමේදී තවත් අවුරුදු 50කටවත් විශාල නොකළ යුතු ලෙස මෙම මාර්ගය ඉදිකොට ඇත.

එසේම මෙම මාර්ගයට සාපේක්ෂව අතුරු මාර්ග කිහිපයක්ම සකස් කොට ඇත. එම අතුරු මාර්ගයන් බොහොමයක් අද වන විට භාවිතයට නොගැනීම නිසා වල් බිහිවී විවිධ අපචාරයන් සිදුවන හෝ ‘පරිසර හිතකාමී’ මහත්ම මහත්මීන් විසින් කසල ගෙනැවිත් දමන තෝතැනි බවට පත්ව ඇත. මෙවැනි ඇවිදින මංතීරුවක් සෑදීමට අවශ්‍යම නම් එම අතුරු මාර්ගයන් හොදටම ප්‍රමාණවත් වේ. එසේත් නොමැති නම් ඇවිදීම සදහා දැනටමත් අවශ්‍ය විශාලත්වයෙන් නව නවනගර මාර්ගය ප්‍රමාණවත් වේ.

බොහෝ විට සවස් භාගය වන විට මාර්ගයේ රථවාහන තද බදයද අවම බැවින් ඕනෑම අයකුට ඕනෑම ආකාරයකට ඇවිදීමට පුලුවන. එසේම අවසාන වශයෙන් කීමට ඇත්තෙ ඇවිදින මංතීරැව සකස් කිරීමට පෙර රත්නපුර නගරයට පැමිණෙන අති විශාල වාහන ප්‍ර්‍රමාණය ගාල් කිරීම සදහා රථවාහන අංගනයක් සකස් කරනවානම් ඉතාමත් අගනා කටයුත්තක් බවයි.

1 1
2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08