ජූලි 01 පාර්ලිමේන්තුව රැස්වෙයි

එළඹෙන ජූලි මස 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍වරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව මෙම නිවේදනය සිදු කරන බවයි කථානායකවරයා දැනුම් දෙන්නේ.

මේ අතර ජූලි මස 01 වැනිදා පෙ.ව. 9.30 පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු ගරු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (27) ලිපියකින් දැනුවත් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවයි මෙලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ (27) නිකුත් කර තිබුණා.

Parliament Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21