Fly high Get bonus Aviator Phone

ජූලි 01 පාර්ලිමේන්තුව රැස්වෙයි

එළඹෙන ජූලි මස 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍වරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව මෙම නිවේදනය සිදු කරන බවයි කථානායකවරයා දැනුම් දෙන්නේ.

මේ අතර ජූලි මස 01 වැනිදා පෙ.ව. 9.30 පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු ගරු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (27) ලිපියකින් දැනුවත් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවයි මෙලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ (27) නිකුත් කර තිබුණා.

Parliament Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?