ජීවිත දහස් ගණනක් අහිමිකල වෛරසය නැවතත් රටපුරා පැතිරෙයි

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වලක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බවයි. හැකි ඉක්මනින් සිව් වන මාත්‍රාව එන්නත් කර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොදු ස්ථානවල පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස් වන ගෘහස්ථ ස්ථානවල දී මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වෙයි. දෑත් පිරිසිදු කිරීම සමාජ දුරස්ථ භාවය ආදි සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතුය.

වැඩ බලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍ය හමුවට එක් වෙමින් කලින් සඳහන් කළ පරිදි කොරෝනා එන්නත් කල් ඉකුත් වීමක් සිදු නොවු බව සඳහන් කළේය. සමාගම ඔක්තෝබර් 31 වැනිදා දක්වා එහි කාලය දීර්ඝ කර තිබෙ. එම එන්නත සමාගම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලදුව නිසි ක්‍රමවේද අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇතැයි පැවසු විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා වයිරසය යලි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මුව ආවරණ පැළඳීම යලි නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා කියයි. එම නිර්දේශය ඊයේ සිට ක්‍රියාත්මකයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සිව් වන මාත්‍රාව එන්නත් කිරීම කඩිනම් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවක දී එන්නත්කරණ වැඩසටහන මේ සතිය තුල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලේකම්වරයා පැවසීය.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පී සී ආර් පරීක්ෂණ අවශ්‍යතාව මත සිදු කෙරෙනු ඇත. පොකුරු ලෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නම් එම ප්‍රදේශ හඳුනාගෙන ආවේක්ෂණ පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

තවද ඔමික්‍රෝන් නව ප්‍රභේදය ප්‍රබලව බෝවීමේ අවදානමක් රටේ පැවතියත් ආසාදිතයන් පරික්ෂා කිරිම සඳහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුන්සිය හැටපහේම හිඟ බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි එමෙන්ම වෛද්‍යවරුන් හඳුනාගන්නා ආසදිතයින්ට වඩා වැඩි කොවිඩ් අසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ සිටින බව ද කියාසිටී.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය මේ වන විට හඳුනාගෙන ඇති අතර පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය දින දහය ඇතුළත කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග ⁣විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31