ජීවිත දහස් ගණනක් අහිමිකල වෛරසය නැවතත් රටපුරා පැතිරෙයි

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වලක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බවයි. හැකි ඉක්මනින් සිව් වන මාත්‍රාව එන්නත් කර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොදු ස්ථානවල පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස් වන ගෘහස්ථ ස්ථානවල දී මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වෙයි. දෑත් පිරිසිදු කිරීම සමාජ දුරස්ථ භාවය ආදි සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතුය.

වැඩ බලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍ය හමුවට එක් වෙමින් කලින් සඳහන් කළ පරිදි කොරෝනා එන්නත් කල් ඉකුත් වීමක් සිදු නොවු බව සඳහන් කළේය. සමාගම ඔක්තෝබර් 31 වැනිදා දක්වා එහි කාලය දීර්ඝ කර තිබෙ. එම එන්නත සමාගම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලදුව නිසි ක්‍රමවේද අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇතැයි පැවසු විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා වයිරසය යලි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මුව ආවරණ පැළඳීම යලි නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා කියයි. එම නිර්දේශය ඊයේ සිට ක්‍රියාත්මකයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සිව් වන මාත්‍රාව එන්නත් කිරීම කඩිනම් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවක දී එන්නත්කරණ වැඩසටහන මේ සතිය තුල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලේකම්වරයා පැවසීය.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පී සී ආර් පරීක්ෂණ අවශ්‍යතාව මත සිදු කෙරෙනු ඇත. පොකුරු ලෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නම් එම ප්‍රදේශ හඳුනාගෙන ආවේක්ෂණ පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

තවද ඔමික්‍රෝන් නව ප්‍රභේදය ප්‍රබලව බෝවීමේ අවදානමක් රටේ පැවතියත් ආසාදිතයන් පරික්ෂා කිරිම සඳහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුන්සිය හැටපහේම හිඟ බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි එමෙන්ම වෛද්‍යවරුන් හඳුනාගන්නා ආසදිතයින්ට වඩා වැඩි කොවිඩ් අසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ සිටින බව ද කියාසිටී.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය මේ වන විට හඳුනාගෙන ඇති අතර පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය දින දහය ඇතුළත කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග ⁣විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53